සංගා දෙවන වරටත් ගත්ත සුපිරි අර්ධ ශතකයෙන් පිට පිට දෙවෙනි PSL ජයත් හිමි කර ගනි බලන්නකො සුපිරි ඉනිම සංගාගේ පිතිකරන රටාවත් වෙනස් කරලා පුදුමයි නේද video

පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් ලාහෝර් කලන්දර්ස් කණ්ඩායම පරදවා ලකුණු 43ක පහසු ජයක් හිමිකරගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායම ඊයේ සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායමට පන්දුවාර 17.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 136ක් පමණි ආරම්භක පිතිකරුවන් වූ ෆකාර් සමාන්(41) සහ සුනිල් නාරායන් (26)හොඳින් ලකුණු ලබාගත් අතර උමාර් අක්මාල්ද ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුවද ඉම්රාන් තහීර්ගේ සහ ජුනයිඩ් ඛාන්ගේ පීඩනය සමඟ ලාහෝර් ක්‍රීඩකයන්ට වැඩි දුරක් යන්නට අවස්තාව ලැබුනේ නැත.

ඉම්රාන් තාහීර් කඩුලු තුනක් බිඳ දමද්දී ජුනයිඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කිරීමට සමත් විය තරඟයේ කාසිය වාසිය දිනු ලාහෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පැමිණි මුල්ටාන් ආරම්භක පිතිකරුවන් දේපල වූ කුමාර සංගක්කාර සහ අහමඩ් ශේෂඩ් අතර පළමු කඩුල්ලට.

ලකුණු 88 ක සම්භන්දතාවයක් පිහිටවීමට සමත් වූ අතර ශේශාඩ් ලකුණු 38 කට දැවී ගියද කණ්ඩායමවෙනුවෙන් වැඩිමලකුණු ලාභියා බවට පත්වන්නට සංගා සමත් වුනේ ලකුණු 63ක්ලබා ගනිමිනි,තරඟාවලිය යටතේ පැවති පළමු තරඟයේදී ද සංගා මුල්ටාන් කණ්ඩායමේ වැඩිමලකුණු ලාභියා බවට පත්වී තරඟයේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත් විය

පන්දු 44කදී වාර්තා වූ සංගාගේ ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 05කින් අලංකාර වි සංගාට අමතරව නායක ෂොහිබ් මලික් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර මේ අනුව මුල්ටාන් ක්‍රීඩකයන් තම පන්දුවාර 20 අවසානයේ 179/5 ලබා ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා සම්මානය හිමිවුයේ ඉම්රාන් තහීර් හටය මේ තරගාවලියේදී කුමාර් සංගක්‌කාර වෙනදා දකින ඉරියව්වට හාත්පසින්ම වෙනස්‌ ඉරියව්වකින් පන්දුවට පහරදීම කාගේත් අවධානයට පාත්‍ර වියටෙස්‌ට්‌ ක්‍රීඩාව වගේ නෙමෙයි විස්‌සයි විස්‌සඒ නිසා මම පන්දුවට පහර දෙන විලාසිතාව වෙනස්‌ කළා යෑයි සංගක්‌කාර පළමු තරගයෙන් අනතුරුව පැවසීය.

Comments

Popular posts from this blog

நடிகை ஸ்ரீதேவி காலமானார்!!

போடு தகிட தகிட வைரலாகும் அஜித்தின் புதிய புகைப்படம் வாயை பிளந்த கோலிவுட்