ඊයේ අපේ සංගාගේ සුපිරි ඉනිමෙන් පලමු PSL තරගය ජය ගනි පලමු තරගයේ විරයා බලන්නකො ගහන ගැහිල්ල VIDEO
ඩුබායිහීදී ආරම්භ වූ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් පේෂාවර් සල්මි කණ්ඩායම පරදවා කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමටකුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග‍්‍රහණය සපුරා ගත්හඑnහිදී ආරම්භකපිතිකරු කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 57ක් රැුස් කළ අතර තරගයේ වීරයා සම්මානයද සංගක්කාරට හිමිවිය.
අනතුරුව නායක ෂහීබ් මලික්(42) හා කිරන් පොලාඩ්(21) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 42ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේයපන්දු යැවීමේදි පේෂාවර් කණ්ඩායම වෙනුවෙන් වහබ් රියාස් ලකුණු 19කට කඩුලු 02ක් දවා ගත්හ.
කාසිය වාසිය දිනාගත් මුල්ටාන් සුල්ටාන් නායක ෂොහිබ් මලික් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී පෙෂාවර් කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් පන්දු වාර 20 අවසානයේ 151/6 ලබාගැනීමට සමත් විය පෙෂාවර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් හෆීස් ලකුණු 59ක් සහනායකඩරන්සාමි ලකුණු 29ක් ලබාගැනීමට සමත් විය පන්දු යැවීමේදී මුල්ටාන් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

Comments
Post a Comment